Preloader
Get More About Us

A Dream for Combined Maths Learn with Confidence

Combined Mathematics can feel challenging at the beginning, but with the right guidance it becomes logical and manageable. Our classes focus on building strong fundamentals through clear, step-by-step explanations and proven exam techniques. With structured lessons, regular revision, and continuous support, students gain confidence, improve speed, and work towards their academic goals with a clear plan. Physical and online class facilities are available to suit every learner.

  • Clear theory lessons with step-by-step methods
  • Past-paper practice and exam-focused techniques
  • Online + physical class support with regular revision
* Education * System * can * Make * Change *
img
img
FAQs

Learn Combined Mathematics With Confidence

Step-by-step teaching, past-paper practice, and revision sessions to help you target top results and reach your engineering goal. Physical & online classes available.

We offer A/L Combined Mathematics Theory classes for 2026, 2027, and 2028 batches. Classes include full syllabus coverage, structured explanations, and exam-focused guidance.

Yes. We provide online class facilities for students who prefer learning from home. Online students receive the same lesson flow and guidance as physical classes.

Physical classes are held at: No. 30, Wijaya Uyana, Boralugoda, Poruwadanada, Horana.

You can contact us for registration and schedule details via: Phone: 076 548 97 26 Email: tharindualbert92@gmail.com

How We Start Journey

Start your Learning Journey Today!

Discover a World of Knowledge and Skills at Your Fingertips – Unlock Your Potential and Achieve Your Dreams with Our Comprehensive Learning Resources!

img

Clear Theory Lessons

Simple, step-by-step explanations to build strong fundamentals in every syllabus unit.

img

Exam-Focused Methods

Past-paper patterns, shortcuts, and structured-answer techniques to score higher with confidence.

img

Regular Revision & Assessments

Weekly practice, revision modules, and progress tracking to keep you consistent and improving.

img

Online + Physical Class Support

Attend at our Horana classroom or join online with the same lesson flow and guidance.

Our Testimonials

What Students Think and Say About Us

genuine feedback from our students about their experiences with our teaching

img

Pasindu Sathsara

“ මම A/L වලට ආවම මට බයක් නොතිබ්බ එකම විෂය වුණේ Combined Maths. ඒකට හේතුව වුණේ වාසනාවකට වගේ පළවෙනි දවසෙම හරිම පන්තියට යන්න ලැබුණ එක. සර් කළුතර පන්ති පටන් ගත්ත පළවෙනි Batch එක අපේ එක. ඒ පන්තියේ පළවෙනි දවසේ ඉඳලොම මම පන්තියට සහභාගී වුණා. සර්ගේ පන්තිය හරිම සර්ව සම්පූර්ණයි. මොකද A/L පේපරේ හොඳට ගොඩදාගන්න ඕන හැමදේම සර් පන්ති වේලාව ඇතුලෙම උගන්වනවා. ඒක තමයි මම දැකපු විශේෂිතම දේ. Foundation Maths Tute එක මං පළවෙනි මාසෙ අඩුම දෙපාරක්වත් හදන්න ඇති. ඒ තරම් රසට Combined Maths හිතට වැදුණා. ඒ ගැම්මෙන්ම පළවෙනි In class Test එකෙන් දෙවෙනියා වෙන්න පුළුවන් වු0. Paper Class එකෙත් පළවෙනිම Paper එකේ වැඩිම ලකුණු තිබුණේ මට. මම හිතන්නේ ඒකට හේතුව වුණේ සර් කියපු වැඩ එකක්වත් මග හරින්නැතුව කරපු එක. සර්ගේ Applied Maths ගැන නම් කතා කරන්න වචන නෑ. ඒ තරම් සුපිරියට ඒ ටික අන්තිම කාලේ ඔලුවට දානවා. A/L වල වැඩිපුරම විශ්වාසෙන් ලිව්වේ Combined Maths. ඒකෙනුත් Applied එක ගේමක් තිබ්බේම නෑ. ඒ තරම් සුපිරියට කරලා තිබේ... වැඩ කර ගන්න බැරුව වැටිලා හිටපු වෙලාවල් වල සර්ගේ Motivation වලින් ලොකු උදව්වක් ලැබුණා. ඒ වගේම තමයි පාඩමක් ඉවර වෙලා පාඩමට අදාල Pass Paper ගණන් ඔක්කොම වගේ හදන නිසා පන්තියෙන් එලියට යන කොටම පාඩම පුළුවන් කර ගෙන ගියේ. සර්ගේ පන්තිය මුල ඉඳලම ළමයෙක්ට හම්බ වෙනවා කියන්නේ ඇත්තටම ඒ ළමයාගේ වාසනාව. ඒක සර්ගේ පන්තියට ගිහිල්ලාම බලන්න ඕනි වැඩක්. ඉතින් A/L කරන්න ඉන්න නංගිලා මල්ලිලාටත් සර්ව ඉක්මනටම හම්බවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... Thank You සර් විෂය වගේම ජීවිතෙත් කියලා දුන්නාට.... ”

img

Nethmi Amasha

“ මුලින්ම සර්ව හමුවුන හැටි කියන්නම්කො. O/L Maths Paper එක ලියලා ගෙදර ආවම අක්කා කිව්වා ඔන්න ඔයාව Combined පන්තියකට දැම්මා කියලා. පොඩි කොලේ ඉඳලම ගණන් වලට ලකුණු තිබුණ නිසා මමත් A/L වල කරන්නේ Maths කියලා හිතාගෙන හිටියේ. කොහොම හරි ටික දවසක් ගියහම සර්ගේ Post එකක් Phone එකට ආවා. ඒකෙ තිබ්බ Title එකට මම මාර ආසයි. * ඉංජිනේරුවෙක් විසින් ඉංජිනේරුවෙක් වන්නට උගන්වන ' කියන කෑල්ල නම් මරු, මට මුලින්ම ආස හිතුණේ ඒකට, කොහොම හරි ඉතින් ඔන්න මුල්ම දවස ඉරිදා උදේ Online පන්තියකට ආවා. මට නම් පළවෙනි දවසින්ම පන්තිය Set වුණා. මුලින්ම ගණන් හදලා පොත පෙන්නුවහම සර් Very Good කියලා දෙනවා... ඒක නිසා මම පුදුම ඉක්මන්ට ගණන් හදනවා Very Good ගන්න. කියන්න අමතක වුණානේ පස්සේ තමයි මම දැන ගත්තේ මම තමයි සර්ගේ 2023 පන්තියේ පළවෙනිම ගෝලයා කියලා. ටික දවසක් යන කොට තමයි තේරුණේ සර් පාඩමක් කියලා දෙනවා නෙමෙයි අපේ විදිහටම කිව්වොත් කොටලා පොවනවා කියන එක. ඕනෑම සංකීර්ණ දෙයක් තේරෙන්න කියල දෙන විදිහ නම් මරු ඒ ගැන නම් ආයිත් කතා කරන්න දෙයක් නෑ. Next Level Class එකක්. Class එක ඇතුලෙ තිබ්බ Exam තුනෙන්ම මට තෑගි තුනක් හම්බ වුණා. ඒ වගේ දේවල් මගේ ගමනට ලොකු Motivation එකක් වුණා... අන්තිමට කියන්න තියෙන්නෙ සර් නම් Excellent, Thank You සර් අපි වෙනුවෙන් කරපු හැම දේටම... ”

img

Gayumi Punsara

“ අද අපි Combined Maths පන්තියට වන අන්තිම දවස. අවුරුදු තුනකින් ගිහිල්ලා නිකන් අද ඊයේ වගේ. ඒ අවුරුදු තුන ඇතුලේ කොච්චර දේවල් ඉගෙන ගත්තද, සර්ගේ පන්තිය මට හරි අහම්බෙන් හම්බුන පන්තියක්. යන්න තියෙන හැම පන්තියකටම වගේ ගියා. ගිහින් ගිහින් අන්තිමටම නැවතුන තැන ගැන මට මාරම සතුටුයි. ඉතින් සර්, සර්ට ගොඩක් පින් මෙච්චර කාලයක් අපිට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට ඉගැන්නුවට, පාඩමක් ගත්තහම බිංදුවේ ඉඳලා අන්තිම කෙළවරට යනකම්ම ගණන් හදන්න කියලා දුන්නා. Past Paper ටිකත් ඔක්කොම වගේ පන්තිය ඇතුලෙම හැදුවා. ඒ හැම දේකටම ගොඩක් Thank You... සර්ගේ Motivation නම් ඇත්තටම මරු. ඒවා අහලා Motivate වෙච්ච ළමයෙක් තමයි මමත්, පන්ති ආපු මුල කාලේ ඉඳපු මමයි අද ඉන්න මමයි බැලුවහම මටවත් හිතාගන්න බැරි තරමට දියුණු වෙලා, පන්ති ආපු මුල්ම කාලේ සර් දුන්න In Class Test එකට ලකුණු 32යි. අන්තිම සතියේ Paper එකට 73 යි. ඉතින් හැම දේටම ගොඩක් පින්... බය නැතුව ඕනි ළමයෙක්ට Recommend කරන්න පුළුවන් පන්තියක් තමයි සර්ගේ පන්තිය. සර්ට අපි වගේ ළමයි දස දහස් ගණනකට Combined Maths රසට දවන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා... ”

img

Supun Sampath

“ මම සර්ගේ ක්ලාස් එක පටන් ගත්ත මුල් දවසෙ ඉඳන්ම පන්ති ආවා, හරිම අහම්බෙන් Post එකක් දැකලා තමයි පන්තියට ආවේ. කොහොම හරි අන්තිමට Combined Maths pee Subject එක වුනා. ගියපු A/L Class වලින් හොඳම එක, මම ආසාවෙන්ම ගියපු පන්තිය. සර්ගේ පන්තිය සාමාන්‍යයෙන් පැය 5 ක් විතර තියෙනවා. ඒත් පැය 5 යනවා දැනෙන්නේවත් නෑ. ඒක මම විතරක් නෙමෙයි හැම ළමයෙක්ම කියන කතාවක්. Applied වල සරල බව, ලේසි ක්‍රම, සමහර වෙලාවට රූල් දෙකෙන් තුනෙන් උත්තර ගන්න කියලා දුන්නේ සර් තමා. ඒවා නම් ඇත්තටම සුපිරි ක්‍රම සර්. ඕනම දැනුම මට්ටමේ ඉන්න ළමයෙක්ව සරල මට්ටමේ ඉදල ගැඹුරටම අරගෙන යන්න සර්ට නියම හැකියාවක් තියෙනවා. අනික පන්තිය ඇතුළෙම හදන ගණන් ප්‍රමාණය. ඒ වැඩ ටිකත් එක්ක සර් කියනවා වගේම ඕනෑම එකෙකොට Engineering යන්න පුළුවන්.... සමහර පන්තිවල පන්තිය ඇතුලේ ගණන් අඩු ප්‍රමාණයක් හදලා සතියෙන් දෙකෙන් පාඩම ඉවර කරද්දි සර් හැම පාඩමක්ම ගැඹුරට උගන්වලා පන්තිය ඇතුලෙම ගණන් ටික හදවලා පාඩම පුළුවන් කරලා තමයි නවත්තන්නේ. ඒක නම් ළමයෙක් ගිහින් බලන්නම ඔනි දෙයක්.ඉතින් විහිලු තහලුවෙන් හරිම ආදරණීය විදිහට Maths විතරක් නෙමෙයි ජීවිතෙන් කියලා දුන්න තරිඳු සර්, මට A/L වල හම්බුන ගුරුවරුන්ගෙන් හොඳම හිතට වැදුනම ගුරුවරයා...... ”